Cast
Go Full Cast Pageපෙරදිග නාට්‍ය (period drama) රසිකයින්ට අද අලුත් සුවිශේෂී ආරංචියක්! The Other Bennet Sister (2026) ඉතින් මේ කතාව Pride and Prejudice කතාවේ ලෝකය ආශ්‍රිතව නිර්මාණය වූන සුන්දර හැඟීම් පිරුණු ඉතිහාස නාට්‍ය මාලාවක්.
19 වන සියවසේ ආරම්භක ඉංග්‍රීසි සමාජය පසුබිම් කරගෙන යන මේ කතාව, Bennet පවුල ගොඩක් වෙලාවට නොසලකා හරින සහෝදරිය වෙන Mary Bennet පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. එයාගේ සහෝදරියන්ට වඩා වෙනස්ව, පොතපතට ලැදි, නිහතමානී, තමන්ගේම ස්ථානය සමාජය ඇතුලේ හොයන තරුණ කාන්තාවක් තමා මේරි,
ලස්සන, ආකර්ෂණීය හැසිරීම් වගේ දේවල් සමාජයේ පිළිගැනීම මූලික වන ලෝකයක, Maryගේ නිහතමානීත්වය සහ එයාගේ අභ්‍යන්තර ශක්තිය මේ කතාව විශේෂ කරනවා.
මේ කතා මාලාව තුළින්, Maryගේ ජීවිතයේ පුංචි වැදගත් වෙනස්කම්, එයා මුහුණ දෙන සමාජ පීඩනය, සහ තමන්ගේම මාර්ගයක් ගොඩනගන අකාරය ඔයාලට බලාගන්න පුලුවන්
ඉතින් මේ The Other Bennet Sister කතාව සාමාන්‍ය period drama එකක් නෙවේ, ඒක සමාජයට හැංගිලා නිහතමානීව ජීවත් වෙන කෙනෙක්ගේ හිත ඇතුළත තියෙන සිහින, බිය සහ ආශාවන් පෙන්වන, ඉතා සංවේදී කතාවක් වේ.
මෙම කතාවෙන් ඔයාලට මනුෂ්‍ය හදවතේ සැඟවුණු පැති, තමන්ව හොයාගෙන යන එකේ වැදගත්කම, වෙනස් කෙනෙක් වෙන එකේ අගය ගැන ගැඹුරින් හිතන්නට ඉඩ සලසලා දෙනවා,
ඉතින් මෙ අපුරු කතාව අතපසු නොකර රසවිදින්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා
















