EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Escape (2024) | පලා යාමේ ජීවිතයත් මරණයත් අතර සටන

 

අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා තියපු තවත් සුපිරි කොරියන් ෆිලුමක්. නම තමා Escape. මේ අවුරුද්දේ එනකම් බලන් ඉදපු මූවිස් අතරින් එකක් තමා මේක. මේ අවුරුද්දේ ජූලි 3 වෙනිදා තිරගත වීම ඇරඹුනු Escape ඩොලර් මිලියන 18.1ක සාර්ථක ආදායමක් උපයන්න සමත් වෙනවා. ඒ අනුව 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හතරවෙනි ස්ථානය දිනාගන්න Escape සමත් වෙනවා. පැයයි මිනිත්තු තිස් හයක් පුරාවට ගලාගෙන යන මේ ෆිලුම Action, Military, Thriller යන ගනයන්ට අයිති වෙනවා. Escape මූවි එකේ අධ්‍යක්ෂණයෙන් Lee Jong Pil සහ තිර රචනයෙන් Kwon Sung Hui එකතු වෙනවා. කාස්ට් එක පැත්තට ගියොත් Lee Je Hoon, Koo Kyo Hwan, Hong Xa Bin වගේ සුපිරි නළුවෝ තුන්දෙනෙක් තමා ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ. තව Song Kang, Esom, Lee Ho Jung, Seo Hyun Woo, Jang Young Nam වගේ ප්‍රසිද්ධ නළු නිළියෝ සෙට් එකක Cameo Roles කීපයක් බලාගන්නත් පුළුවන්.

ලිම් ක්යු නම් කියන්නේ උතුරු කොරියානු යුධ මුක්ත කලාප පොලීසියේ සාජන් කෙනෙක්. ක්යු නම් අවුරුදු දහයක හමුදා සේවය ඉවර වෙලා නිදහස් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒත් මෙයා ප්ලෑන් කරන්නේ වෙන දෙයක්. ඒ තමා නිදහස් වෙන්න කලින් කොහොමහරි දකුණට පැනලා යන එක. දකුණු කොරියාවට පැනලා යනවා කියන්නේ උතුරු කොරියාවේ මරණ දඩුවම ලැබෙන වරදක්. ඉතින් මේකට එයා ලොකු ප්ලෑන් එකක් ගහනවා. ක්යු නම්ගේ මේ සැලැස්ම ගැන එයාගෙම ඒකකේ ඉන්න කිම් දොන්ග් හ්යොක් දැනගන්නවා. දොන්ග් හ්යොක්ටත් ඕනෙ වෙනවා එයත් එක්ක දකුණට පැනලා යන්න. ඒත් ඇති වුන මත ගැටුමත් එක්ක දොන්ග් හ්යොක් තනියම පැනලා යන්න හදනවා. එහෙම පැනලා යන්න හදද්දි එයාව ක්යු නම් එක්ක අහුවෙනවා. පලා යාමක් වාර්තා වුන හින්දා මේ ගැන විමර්ශනය කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශෙන් නිලධාරියෙක් එනවා. එයාගේ නම තමා රී හ්යොන් සන්ග්. ඉතින් රී හ්යොන් සන්ග් මොනවගේ තීරණයක් ගනීවිද? ක්යු නම්ටයි, දොන්ග් හ්යොක්ටයි මොකක් වෙයිද? ඒ දෙන්නට දකුණට පැනලා යන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් ෆිලුම බලන්න.

Comments