EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageවිවාහයෙන් පස්සේ ආදරේට මොකද වෙන්නේ?
ජිනි සහ සනී ගොඩක් කරදර බාධක මැදින් අන්තිමේදී විවාහ වුණා කියලා ඔයාලට මතක ඇතිනේ. ඒත් ආදර කතාවල අන්තිමට කියනවා වගේ “හැමදාම සතුටින් ජීවත් වුණා” කියන එක ඇත්තටම ඒ තරම් ලේසිද? සනී දැන් එයාගේ අලුත් ව්‍යාපාරය දියුණු කරන්න රෑ දවල් නැතුව මහන්සි වෙනවා. ඒ වගේම ජිනිත් එයාගේ වැඩ කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල වෙලා.
මේ කාර්යබහුල ජීවිතේ නිසා දෙන්නා අතරේ පුංචි පුංචි ප්‍රශ්න, රණ්ඩු සරුවල් ඇතිවෙන්න පටන් ගන්නවා. මේ අතරට ජිනිගේ පරණ යාළුවෙක් අලුත් ව්‍යාපාරික හවුල්කරුවෙක් විදිහට එයාලගේ ජීවිතේට එකතු වෙනවා. මේ නිසා සනීගේ හිතේ ඉරිසියාවක් ඇතිවෙන එක අහන්නත් දෙයක්ද? දෙන්නගේ පවුල් වල අයත් සුපුරුදු විදිහටම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා වැඩේ තවත් අවුල් ජාලාවක් බවට පත් කරනවා.
විවාහ ජීවිතේ ඇතුළේ එන මේ අලුත් අභියෝග ජිනිටයි සනීටයි කොහොම බලපායිද? ආදරේ, හිනාව වගේම පවුලේ අයගේ විහිළු තහළු වලින් පිරුණු මේ අලුත් කතාවත් ඔයාලට වෙනස්ම අත්දැකීමක් ගෙනාවි. ආයෙමත් සැරයක් ජිනිගේ සහ සනීගේ ආදර කතාවේ හැලහැප්පීම් පිරුණු මේ Film එක විඳින්න!







