EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගලපන්න බැරි ආදරේ

(Ginny Weds Sunny (2020) Sinhala Sub) ආදර විවාහයක් බලාපොරොත්තු වෙන ගිනී නිසා හිතේ කණස්සල්ලෙන් සිටින ඇගේ මවට හමු වෙනවා විවාහයකට යෝජනාවක් හොයන සනී. පාසල් අවධියේ ඉඳන්ම සනීගෙ හිතේ ගිනී ගැන අදහසක් නොතිබිලාම නෙවෙයි. ඉතින් මේ නැන්දම්මයි බෑණයි එකතු වෙලා ගින්නිව යාළු කරගන්න කරන දේවල් වගේම ඉන් පස්සෙ කසාදයක් වෙනකන් යන ගමනේ මෙයාලට මුහුණදෙන්න වෙන අභියෝග තමයි මේ කතාව පුරාවටම තියෙන්නෙ.
හරිම රසවත්ව හාස්‍ය මුසුව මේ චිත්‍රපටය රසවිඳින්න පුළුවන්. ඒ වගේම හරිම ලස්සන අර්ථ තිබෙන ලස්සනම ලස්සන ගීත පහකුත් මේ චිත්‍රපටයේ ඇතුළත් වෙනවා. නැගී එන අතිදක්ෂ නළුවෙකු වන වික්‍රන්ත් මැසී සමඟ ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වෙන්නෙ සුරූපී යමී ගෞතම්. නවක අධ්‍යක්ෂක පුනීත් ඛන්නාගේ අධ්‍යක්ෂණයක් වන මෙය විනෝද් බච්චන්ගේ නිෂ්පාදනයක්.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර පුරාම බොහෝ චිත්‍රපට එළිදැක්වූ අයුරින් මෙය පසුගිය ඔක්තෝබර් 9 වනදා Netflix හරහා එළි දැක්වුණා. ආදරය විරහව මෙන්ම හාස්‍යයද නොඅඩුව පිරුණු මේ චිත්‍රපටය පවුලේ සැමට රසවිඳිය හැකි ආදරණීය නිර්මාණයක් බව සහතික විය හැකියි. එහෙනම් ඔන්න මේ චිත්‍රපටයත් බලලා, රසවිඳලා, හොඳ නරකත් කමෙන්ට් එකකින් කියාගෙන යන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා. තවත් රසවත් චිත්‍රපටයකින් හමුවෙමු. සුබ දවසක්.

Ginny Weds Sunny Complete Collection
  1. Ginny Weds Sunny (2020)
  2. Ginny Weds Sunny 2 (2026)

Comments