Cast
Go Full Cast Page1980 දශකයේදී මුළු ලෝකයේම ප්රේක්ෂකයින්ව ත්රාසයෙන් මුසපත් කළ “Friday the 13th” චිත්රපට මාලාව හුඟක් දෙනා බොහෝවිට නරඹලා ඇති. අන්න ඒ සදාහරිත ත්රාසජනක කතාවේ මූලාරම්භය හොයාගෙන යන අපූරු ගමනක් තමයි 2026 වසරේ නිකුත් වුණු “Crystal Lake” කතා මාලාවෙන් අපිට ගෙන එන්නේ.
මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ Prequel එකක්, එහෙමත් නැත්නම් Origin Story එකක් විදිහටයි. Prequel එකක් ගැන කලින් අහලා නැති කෙනෙක්ට සරලවම කිව්වොත්, මේකෙන් කරන්නේ අපි කවුරුත් දන්න, අපිට හුරුපුරුදු කතාවක් ආරම්භ වෙන්න කලින් අතීතයේදී සිද්ධ වුණේ මොකක්ද කියලා පෙන්වලා දෙන එකයි. ඒ කියන්නේ Jason කියන ඒ බිහිසුණු මිනීමරුවා බිහිවෙන්න කලින්, Camp Crystal Lake කඳවුරේ ඇත්තටම මොකද වුණේ කියන රහස තමයි මේ කතා මාලාවෙන් දිග හැරෙන්නේ.
මේ කතාවේ Plot එක ගෙතෙන්නේ ජේසන්ගේ ආදරණීය මව වන Pamela Voorhees වටායි. Camp Crystal Lake කඳවුරේදී තම…
අපිට මේ කතාවේදී විශේෂයෙන්ම කතා කරන්න ඕනේ කෙනෙක් තමයි Pamela ගේ චරිතයට පණ පොවන Linda Cardellini. එහෙම සැබෑ නමින් කියනවට වඩා ශ්රී ලංකාවේ අපි බොහෝවිට ඇයව දැකලා තියෙන්නෙ සිරස TV එකෙන්. 2000 මුල ආපු Scooby-Doo ලයිව් ඇක්ෂන් ෆිල්ම් දෙකේ වෙල්මා තමයි මේ.
ඒ වෙල්මාගේ සැහැල්ලු චරිතයෙන් පස්සේ ලින්ඩා මෙන්න මේ වගේ අතිශය සංකීර්ණ, මානසිකව ගැටෙන භයානක චරිතයකට දෙන ජීවය ඇත්තටම පුදුම සහගතයි. ඇයගේ රංගන ප්රතිභාව මේ කතාව පුරාවටම අපිට දැකගන්න පුළුවන් වගේම ඒ ගැන ලෝකය පුරාම සෑහෙන කතාබහක් මේ දිනවල ඇති වෙලත් තියෙනවා. කොහොමත් අලුත් Scooby Doo ලයිව් ඇක්ෂන් සීරීස් එකක් Netflix එකෙන් එන්න තියන නිසා ඒක යම්කිසි විදිහකින් හොඳ ආරංචියක්.
ඇයට අමතරව තවත් දක්ෂ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මේ සඳහා අපූරුවට දායක වෙනවා.
ඔයා ආදර කතා බලන්න කැමති කෙනෙක් වුණත්, කොමඩි, එහෙමත් නැත්නම් විද්යා ප්රබන්ධ බලන කෙනෙක් වුණත්, මේ Crystal Lake කතා මාලාව අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ නිර්මාණයක් කියලා මම යෝජනා කරනවා. ඒකට ප්රධානම හේතුව තමයි මේක නිකම්ම නිකන් මිනිස්සු බය කරන කතාවකට වඩා එහාට ගියපු, අම්මා කෙනෙකුගේ මානසික අරගලය සහ සමාජයේ නොපෙනෙන පැතිකඩවල් ගැන කතා කරන ගැඹුරු නිර්මාණයක් වීම. හැබැයි ඒත් එක්කම පුංචි අනතුරු ඇඟවීමකුත් කරන්නම ඕනේ. මේක Friday the 13th කතාවට සම්බන්ධ, ඒ මූලයන් එක්ක හැදුණු කතාවක් නිසාම, ඇඟ කිලිපොළා යන තරමේ දරුණු ඝාතන සහ අතිශය ප්රචණ්ඩකාරී දර්ශන මේකේ නොඅඩුව අන්තර්ගත වෙනවා. ඒ නිසා එවැනි දර්ශන නැරඹීමට අපහසු, දුර්වල සිත් තියෙන අයට නම් මේක ටිකක් අභියෝගාත්මක අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් ත්රාසය, කුතුහලය සහ සංවේදී බවත් එක්ක ගලාගෙන යන ලස්සන කතාවක් හොයන ඕනෑම කෙනෙක්ට මේක අනිවාරෙන් කදිම තේරීමක්.























