මේකෙ ප්‍රධාන චරිතය තමයි ෆ්‍රෑන්සස් නීලි – Frances Neagley. ගොඩක් අයට මේ නම හරියටම කියන්නෙ කොහොමද කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙ නිවැරදි උච්චාරණය වෙන්නේ “නී-ලී” (Nee-glee) කියන එකයි.

නීලි සහ ජැක් රීචර් අතර තියෙන්නේ හරිම සුවිශේෂී වගේම ඉතාමත් ශක්තිමත් බැඳීමක්. මේ දෙන්නගෙ සම්බන්ධය කිසිම විදිහකින් ආදර සම්බන්ධයක් නම් නෙවෙයි, ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු වෘත්තීය මට්ටමේ සහ අතිශය විශ්වාසවන්ත මිත්‍රත්වයේ බැඳීමක්. ඇමරිකානු හමුදාවේ 110 වෙනි විශේෂ විමර්ශන ඒකකයේ රීචර් යටතේ හිටපු දක්ෂතම මාස්ටර් සාජන්ට්වරිය වුණේ නීලි.

රීචර් කියන්නේ ලේසියෙන් කා ගැනවත් විශ්වාසයක් තියන කෙනෙක් නෙවෙයිනෙ, හැබැයි නීලි කියන්නේ රීචර් තමන්ගෙ පණ වුණත් දෙන්න තරම් විශ්වාස කරන අතළොස්සක් දෙනාගෙන් එක්කෙනෙක්. ඒ වගේම නීලිත් රීචර් වෙනුවෙන් ඕනෑම වෙලාවක, ඕනෑම අවදානමක් ගන්න ලෑස්තියි. මේ දෙන්නගෙ තියෙන මේ අපූරු සහෝදරත්වය සහ එකිනෙකාට තියෙන ගෞරවය රීචර් නවකතා මාලාව ඇතුළෙ අපි දැකපු හොඳම සුසංයෝග වලින් එකක්.

මේ චරිතයේ පසුබිම ගැන කතා කරද්දි, Lee Child ගේ ජැක් රීචර් නවකතා පොත් මාලාව ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. නීලි කියන්නේ වෙනම නවකතා මාලාවක ප්‍රධාන චරිතයක් නෙවෙයි, ඇය Lee Child ගේ රීචර් පොත් මාලාවේ එන ප්‍රබලතම සහ ජනප්‍රියම සහාය චරිතයක්.
Without Fail, Bad Luck and Trouble, Night School වගේ පොත් ගණනාවකම ඇය රීචර් එක්ක එකතු වෙලා අමාරුම මිෂන් වලට සහභාගි වෙනවා. ඒ වගේම තමයි ඇයටම ආවේණික වුණු විශේෂත්වයන් තියෙනවා. උදාහරණයක් විදිහට අනිත් අය එක්ක ශාරීරිකව ස්පර්ශ වෙන්න ඇය දක්වන දැඩි අකමැත්ත – haphephobia පොත්වල වගේම මේ ටීවී සීරීස් එකෙත් හරිම අපූරුවට නිරූපණය කරලා තියෙනවා. මේ ස්පින්-ඔෆ් සීරීස් එක හැදෙන්නේ මේ නවකතා වල තියෙන ඇගේ ඒ අපූරු චරිතය තවත් පුළුල් කරලා, ඇගේම කතාවක් විදිහට ලෝකෙට ගේන්නයි.

මේ සීරීස් එකේ නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ Reacher සීරීස් එක නිර්මාණය කරපු Nick Santora ඇතුළු ඒ දැවැන්ත කණ්ඩායම අතින්මයි. ඒ නිසා Reacher එකේ තිබුණු ඒ අඳුරු, සීරියස් වගේම ත්‍රාසජනක ගතිය මේකෙත් ඒ විදිහටම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

පළවෙනි සීසන් එකෙන් පස්සෙ මේ සීරීස් එකේ අනාගතය කොහොම වෙයිද කියන එක ගැන ගොඩක් දෙනෙක් උනන්දු වෙනවා. කාන්තා ප්‍රධාන චරිතයක් සාර්ථකව ගෙනියන එක අභියෝගයක් වුණත්, නීලි කියන්නේ සාම්ප්‍රදායික කාන්තා චරිත රාමුවෙන් ගොඩක් එහාට ගිය අතිශය ශක්තිමත් කෙනෙක්. ඇගේ තියෙන රළු බව, බුද්ධිය පාවිච්චි කරලා ප්‍රශ්න විසඳන විදිහ සහ සටන් හැකියාව නිසා, මේක අනාගතයේදී Reacher සීරීස් එකටත් වඩා සමහරවිට ලොකු රසික පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් දැවැන්ත ෆ්‍රැන්චයිස් එකක් වෙන්නත් බැරි කමක් නෑ.

ඔයා දැනටමත් රීචර් මහත්තයාගේ රසිකයෙක් නම්, මේ “Neagley” සීරීස් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්නම ඕනෙ එකක්. ඒකට ප්‍රධානම හේතුව තමයි, මේකෙන් රීචර් යුනිවර්ස් එක තවත් පුළුල් වීම.
රීචර්ගේ කතාවලදී අපිට නීලිව දකින්න ලැබුණේ රීචර්ගේ උදව්වට එන කෙනෙක් විදිහට විතරයි. හැබැයි රීචර් නැති වෙලාවට ඇය තනියම කොහොමද මේ වගේ දූෂිත පුද්ගලයන්ට, අපරාධකාරයන්ට මුහුණ දෙන්නේ කියන එක මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි අපිට රීචර් සීරීස් එකේ දකින්න ලැබුණු ඒ සිරාම ඇක්ෂන් සීන් වගේම, නීලිගේ පෞද්ගලික ජීවිතේ, ඇගේ අතීතය සහ ඇය ඇයි මේ වගේ අමුතු චරිත ස්වභාවයක් තියෙන කෙනෙක් වුණේ කියන රහස් ගොඩක් දැනගන්න ලැබෙනවා.

රීචර් රසිකයෙක්ට තමන් ආදරේ කරන ඒ ලෝකයේම තවත් පැත්තක් රසවිඳින්න, කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම ඇක්ෂන් අත්දැකීමක් විදිහට මේ සීරීස් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණය තමයි අපේ රීචර් මහත්තයත් මේකෙ ඉන්නවා.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ ​තිසුර සංජන විසින්.

Comments