Spring Fever කියන්නේ 2026 වසරේ විකාශනය වූ දකුණු කොරියානු රොමෑන්ටික් – කොමඩි ටෙලි කතා මාලාවක්. නමෙන්ම හිතෙන විදිහට මේ කතාව සම්පූර්ණයෙන්ම🌸 වසන්ත කාලේ ආදරය, නව ආරම්භ සහ ජීවිතේ වෙනස්වීම් 🌸 වටායි ගෙතෙන්නේ.

හරිම සරලයි, ඒත් හදවට දැනෙන, ලස්සන Warm Feeling එකක් දෙන Drama එකක් විදිහට Spring Fever හඳුන්වන්න පුළුවන්.

මේ කතාව ගෙතෙන්නේ ජීවිතේ වෙනස්ම තැනක ඉන්න පුද්ගල දෙන්නෙක් වටා.

එක්කෙනෙක් — තමන්ගේ ලෝකයටම වෙන්වෙලා, හැඟීම් පෙන්වන්න අකමැති පිරිමි චරිතයක් 💪 අනිත් කෙනා — ජීවිතේ පොඩි දේවල්වලත් සතුට හොයාගන්න පුළුවන්, වසන්තය වගේ උණුසුම් කාන්තා චරිතයක් 🌼 දවසක් අහම්බෙන් හම්බෙන මේ දෙන්නාගේ ජීවිත, එකිනෙක අස්සේ හෙමින් හෙමින් බැඳෙන්න පටන් ගන්නවා. හිනා, තරහ, අවුල්, අතීතයේ මතක, සහ නොකියපු හැඟීම් අතරින්

🌸 වසන්තය එක්ක ආදරයත් හෙමින් හෙමින් පිපෙන්න පටන් ගන්නවා 🌸
– ඔවුන්ගේ හදවතේ බිත්ති කඩාවැටෙයි ද?
– අතීත වේදනාවන් මැද නව ආදරයක් ආරම්භ කරන්න ඔවුන්ට පුළුවන් ද?
– Spring Fever කියන්නේ සරල ආදර කතාවක්ද, නැත්තම් ජීවිතේට පාඩම් දෙන කතාවක් ද?

ඒ හැමදේම දැනගන්න නම් Spring Fever (2026) බලන්නම වෙනවා 💖

💬 මේ Drama එක
✔️ Soft Romance කැමති අයට
✔️ Healing Type Korean Dramas බලන්න කැමති අයට
✔️ Heavy plot නැති, හදට සැනසිල්ලක් දෙන කතා කැමති අයට
හරිම ගැළපෙන Drama එකක් කියලා මට හිතෙනවා 🌸

සිංහල උපසිරැසි එක්ක බලලා මේ ලස්සන වසන්ත කතාව රසවිඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා 💕

සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ හංසන හෙට්ටිආරච්චි විසින්.

Comments