ඔන්න , අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම Fantasy Horror කතා මාලාවක විස්තරයක්. මේක බලන්න ගත්තොත් එක දිගටම බලන්න හිතෙන විදිහේ කුතුහලයක් පිරුණු කතාවක්. ඒ තමයි Anne Rice’s Mayfair Witches.

මොකක්ද මේ “Mayfair Witches” කියන්නේ?

මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රසිද්ධ ලේඛිකා Anne Rice ලියපු “Lives of the Mayfair Witches” කියන නවකතා පොත් පෙළ ඇසුරෙන්. මේකේ ප්‍රධාන වශයෙන්ම කියවෙන්නේ “මේෆෙයාර් ” පරම්පරාවේ ඉන්න බලගතු මායාකාරියන් ගැන සහ ඔවුන්ව පරම්පරා ගණනාවක් තිස්සේ ලුහුබඳින “ලැෂර්” (Lasher) කියන අද්භූත ආත්මය ගැනයි.

මේ කතා මාලාව AMC නාලිකාව හරහා තමයි විකාශය වෙන්නේ. Esta Spalding සහ Michelle Ashford තමයි මේකේ ප්‍රධාන නිර්මාණකරුවන් විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ මේ අයයි:

Alexandra Daddario – රෝවන් ෆීල්ඩින් (Rowan Fielding) ලෙස.

Jack Huston – ලැෂර් (Lasher) ලෙස.

Tongayi Chirisa – සිප්‍රියන් ග්‍රීව් (Ciprien Grieve) ලෙස.

Harry Hamlin – කෝට්ලන්ඩ් මැයිෆෙයාර් (Cortland Mayfair) ලෙස.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ තරිදු දිසානායකවිසින්.

Comments

April 13, 2026

Send the other episodes soon to us.we r waiting