Fist of the North Star: HOKUTO NO KEN (2026) TV Series | (S01 | EP01-04 Incomplete )
Year:2026
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-04 ✅
Episode 05-12 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageලෝකය න්‍යෂ්ටික විනාශයකට මුහුණ දීමෙන් පසුව දිග ඇරෙන කතාවක් විදිහට තමයි මේ කතාව පසුබිම් වෙන්නෙ. හැබැයි මේකෙන් කොහොමහරි බේරුනු මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා. මේ විනාශ වුනු ලෝකයේ ප්රචණ්ඩත්වය රජ කරන අතරෙ වතුර සහ ආහාර වෙනුවෙන් තමයි මිනිස්සු සටන් කරන්නෙ. කතාවේ කතා නායකයා වෙන ‘කෙන්’, එහෙම නැත්නම් ‘කෙන්ෂිරෝ’ මේ වෙද්දි ඉබාගාතේ යන කෙනෙක්. හැබැයි මෙයා ලෝකෙ තිබුනු භයානකම සටන් කලාවක අනුප්‍රාප්තිකයෙක් වෙනවා. ඒ සටන් කලාවක් සාමාන්‍යයෙන් දකින ඒවට වඩා හුඟක් වෙනස්.
කෙන්ෂිරෝගේ මේ ගමනෙදි එක්තරා ගමක වෙන සිද්ධියක් එක්ක තමයි මේ පළවෙනි කොටස ආරම්භ වෙන්නෙ. ඒ සිද්ධිය මොකක්ද? කෙන්ෂිරෝගෙ මේ භයානක සටන් කලාව මොකක්ද? කෙන්ෂිරෝ කියන්නෙ කවුද? එයා මෙහෙම ඉබාගාතෙ යන්නෙ ඇයි? එයාට මුණ ගැහෙන අය කවුද? කියන දේවල් වලට උත්තර මේ ආරම්භයෙන් අපිට දකින්න ලැබෙනවා. බලන්නකො එහෙනම් මේ අලුත්ම කතාව. මුලින් කිව්වත් වගේම සටන් පිරුනු කතාවක් නිසා කතාව කොහෙත්ම කම්මැලි නැති කතාවක් වෙනවාමයි. ඒ වගේම ප්රචණ්ඩත්වය එක්ක මනුෂ්‍යත්වය මුසු මානුෂීය කාරණා සමබරව දිවෙන කතාවක් විදිහට මේ Fist of the North Star හඳුන්වන්න පුලුවන්.











