Cast
Go Full Cast Pageඔන්න ඉතින් Cinesubz යාලුවනේ… අද අපි කතා කරන්නේ 2026 අවුරුද්දේ Apple TV+ එකෙන් ආපු අලුත් කතා මාලාවක් (Series) ගැනයි! 🎉 ඒ තමයි Widow’s Bay. මේකේ වර්ගය මොකක්ද? Comedy Horror සහ Mystery!! 😂👻
Widow’s Bay කියන්නේ New England වෙරළ තීරයේ ඉඳන් හැතැප්ම 40ක් ඈතින් තියෙන කුඩා දූපත් නගරයක්. මේ නගරයේ නගරාධිපති තමයි ටොම් ලොෆ්ටිස් (Matthew Rhys). හැබැයි එයා මේ දූපතේ ඉපදුණු කෙනෙක් නෙවෙයි, ප්රධාන ගොඩබිමේ ඉඳන් ආපු පිටස්තරයෙක්.
ටොම්ට එක හීනයක් තියෙනවා — ඒ තමයි මේ දූපත දියුණු කරලා හොඳ සංචාරක පුරවරයක් කරන එක. හැබැයි මේ දූපතේ Wi-Fi නැහැ, ෆෝන් සිග්නල් නැහැ, ඒ වගේම දූපතේ මිනිස්සු හැමදාම කතා කරන්නේ මේ දූපතේ තියෙනවා කියන සාපයක් ගැනයි. මේ හැමදේකටම ටොම් කිව්වේ “ඕවා ඔක්කොම බොරු විශ්වාස, කිසි තේරුමක් නැති කතා!” කියලයි. 😤
ඒත් එකපාරටම සංචාරකයෝ එන්න පටන් ගත්තා. ටොම් ජය ගත්තා! … ඇත්තටම ජය ගත්තද? 😅
ගමේ මිනිස්සු කියපු සාපය ඇත්තක් බව ටොම්ට තේරුම් ගිය මොහොතේම — ශතවර්ෂ ගාණකට කලින් මේ දූපතට වෙලා තිබුණු අද්භූත, නපුරු දේවල් ඔක්කොම ආයෙමත් අවදි වෙන්න පටන් ගත්තා. දැන් ටොම්ට මේ හැමදේම එක්ක සටන් කරලා ජයගන්න සිද්ධ වෙලා. 😨
භයානක වාතාවරණය, විහිලු සහගත අවස්ථා, හිතාගන්න බැරි වෙනස්කම් (twists), සාපලත් දූපතක අත්දැකීම — මේ ඔක්කොම එකට එකතු කරලා තමයි මේක හදලා තියෙන්නේ! විචාරකයින්ගෙනුත් මේකට හොඳ ප්රතිචාර ලැබිලා තියෙනවා. IMDb අගය 6.5ක් වෙනවා — විවේක වෙලාවක බලන්න කියාපු කතාවක්. 🌊
Widow’s Bay බලන්න ඕන නම් කෙළින්ම cinesubz එකට ගිහිං බලන්න! පළවෙනි Season එකේ අවසාන කොටස (Finale) 2026 ජූනි 17 වෙනිදා ළඟදීම එනවා! ⚡
🎬 අලුත් චිත්රපට සහ ටීවී කතා මාලාවල විස්තර ඉක්මනින්ම දැනගන්න Cinesubz Facebook පිටුවට එකතු වෙන්න අමතක කරන්න එපා!
👉 https://www.facebook.com/cinesubzmovie
Like කරලා, Share කරලා යාලුවන්ටත් කියන්න! ❤️






















