Moving (2023) TV S01 Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-20 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageකේ ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රියේ දැවැන්තම කතාමාලාවකට සබ් අරගෙන තමා අද ආවේ. නම තමා MOVING (무빙). ඉතින් මේ සීරීස් එක මේ අවුරුද්දේ එන්න තිබ්බ Highly Anticipated සීරීස් එකක්. ඒවගේම දැනට සීසන් එකක් වෙනුවෙන් වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු කොරියන් සීරීස් එක තමා මේක. වොන් බිලියන 50ක වියදමකින් හදපු මේ සීරීස් එක එපිසෝඩ් 20කින් සමන්විතයි. MOVING කතාමාලාවේ අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Kingdom S2 අධ්‍යක්ෂක Park In Je. තිරරචනයෙන් එකතු වෙන්නේ Kang Full. Kang Full ගේ MOVING කියන වෙබ්ටූන් එක පාදක කරන් තමා මේ සීරීස් එක හදලා තියෙන්නේ. Action, Thriller, Fantasy, Supernatural, Sci-fi කියන ගණයන්ට MOVING අයත් වෙනවා.
ඉතින් කිව්වා වගේම MOVING ස්ක්‍රිප්ට් එක Kang Full ගේ තනි වැඩක්. මුලින්ම 2020 සැප්තැම්බර් 9 Jo In Sung ට සීරීස් එකට එකතු වෙන්න ආරාධනා ලැබෙනවා. 2021 අගෝස්තු වල MOVING සීරීස් එකේ නිෂ්පාදන ආයතනය විදියට Studio&NEW එකතු වෙලා නිෂ්පාදන වියදම වොන් බිලියන 50ක් කියලා නිවේදනය කරනවා. 2021 අගෝස්තු 26 වෙනිදා රූගත කිරීම් ආරම්භ කරනවා. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ අපි හැමෝම එනකම් බලන් ඉදපු MOVING මේ විදියට 2023 අගෝස්තු 9 වෙනිදා Disney+ හරහා නිකුත් වෙනවා. මුල් එපිසෝඩ් හත දැනටමත් නිකුත් වෙලා තියෙන්නේ, ඉතුරු එපිසෝඩ් ටික සැප්තැම්බර් 27 වෙනකම් හැම සතියෙම බදාදට එපිසෝඩ් දෙක ගානේ නිකුත් වෙනවා. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට යමු. හැමෝම වගේ දන්න සුපිරි නළු නිළියෝ සෙට් එකක් තමා MOVING සීරීස් එකට රංගනයෙන් දායක වෙන්නේ.
CAST – රංගන දායකත්වය
• Ryu Seung Ryong – ජන්ග් ජූ වොන්
• Han Hyo Joo – ලී මී හ්යුන්
• Jo In Sung – කිම් දූ ෂික්
• Cha Tae Hyun – ජොන් ග්යේ දෝ
• Kim Sung Kyun – ලී ජේ මන්
• Kim Hee Won – චෝයි ඉල් හ්වන්
• Lee Jang Ha – කිම් බොන්ග් සොක්
• Go Youn Jung – ජන්ග් හී සූ
• Kim Do Hoon – ලී ගන්ග් හූන්
• තව ෆ්‍රෑන්ක් කියන චරිතෙට රංගනයෙන් දායක වෙන Ryu Seung Bum ව අවුරුදු 20 කට පස්සේ තමා මෙහෙම කතාමාලාවකින් දැකගන්න ලැබෙන්නේ.
- 1
Senior Year Aug. 09, 2023 - 2
Booyang: Family Support, Levitation Aug. 09, 2023 - 3
1+1 Aug. 09, 2023 - 4
The Secret Aug. 09, 2023 - 5
Recall Aug. 09, 2023 - 6
Bungaeman Aug. 09, 2023 - 7
The Stranger Aug. 09, 2023 - 8
Black Aug. 16, 2023 - 9
Humanists Aug. 16, 2023 - 10
The Monster Aug. 23, 2023 - 11
Romanticist Aug. 23, 2023 - 12
Partners Aug. 30, 2023 - 13
Jang Ju-won Aug. 30, 2023 - 14
Episode 14 Sep. 06, 2023 - 15
Episode 15 Sep. 06, 2023 - 16
Episode 16 Sep. 13, 2023 - 17
Episode 17 Sep. 13, 2023 - 18
Episode 18 Sep. 20, 2023 - 19
Episode 19 Sep. 20, 2023 - 20
Episode 20 [Last Epsode] Sep. 20, 2023















