Karma (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageපව් කරනවනම්, කරපු පව් පළ දෙනවා කියනවනෙ. මේත් අන්න ඒ වගේ කතාවක්. පව් පල දෙනවනම් මේ තරමටවත් රිටර්න් එක එන්නම ඕනෙ කියලා අපිට හිතෙන හැඟෙන කතාවක්. නම “කර්ම”. කොරියන් නම දීලා තිබ්බෙ “ආක්යොන්” කියලා. තේරුම කිව්වොත් “අවාසනාව/කර්මය” වගේ අර්ථයන් තියෙනවා, වෙබ් අඩවිවල සඳහන් වෙලා තියෙන තොරතුරුවල විදිහට Lee Il Hyung කතාමාලාවක් අධ්‍යක්ෂණය කරපු පළවෙනිවතාව. තිර පිටපතත් එයාගෙ. ඉතින් මුල ඉදන් අග වෙනකන්ම කතාමාලාවෙ කිසිම අඩුපාඩුවක් නැතුව ගලාගෙන යනවා කියලා කියන්නම පුලුවන්. ඒ වගේම හැම වින්දිතයෙක්ටම සාධාරණයක් ඉෂ්ට වෙනවා වගේම හැම අපරාධකාරයෙක්ටම මදි නොකියන්න දඬුවම් ලැබෙනවා. Netflix ඔස්සේ පසුගිය අප්‍රේල් 4 වෙනිදා නිකුත් වුන මේ කතාමාලාවෙ නරඹන්නන්ගේ වයස් සීමාව 18+ ලෙස දක්වා තිබෙනවා. ඒවගේම Thriller, Mystery, Crime, Drama කියන වර්ගීකරණයන්ට අයිති මේ කතාමාලාවට පරිච්ඡේද 06 ක් ඇතුලත් වෙනවා. ප්‍රධාන චරිත 06ක් දකින්නට ලැබෙනවා වගේම ඒ හයදෙනාම එක සංසිද්ධියකට සම්බන්ධයි. තවත් පැහැදිලි කළොත් 6 දෙනෙක්ගේ ජීවිත අවාසනාවන්ත සම්බන්ඳතාවල පැටලිලා තියෙනවා.
- එක්තරා වීදියක අහඹු විදිහට අනතුරට ලක්වෙලා ඒක වාසියක් කරගෙන, රක්ෂණ හිමිකම් වෙනුවෙන් තමන්ගෙ ළඟම හිතවතෙක් මරන්න ඝාතන සැලැස්මක් හදන කෙනෙක්..
- ඒ රක්ෂණ මුදලෙන් සීයට 30ක් ඉල්ලන ඝාතන හවුල්කාරයෙක්..
- අපරාධයක් වෙනවා කියන ඉවට ඇත්ත නැත්ත හොයාගෙන යන පොලිස් නිළධාරියෙක්..
- පෞද්ගලික වෛද්‍ය සායනයක් කරගෙන යන කණ්ණාඩි දාන මනුස්සයෙක්..
- තමන්ගෙ වාහනයට හැප්පිලා අනතුරට ලක්වුන වයසක මනුස්සයෙක්ව කන්දක් උඩ වළදාපු පෙම්වතෙක් හා පෙම්වතියක්..
- සල්ලි වෙනුවෙන් තමන්ගෙ ඕනම පව්කාර වැඩක් කරන අපරාධකාරයෙක්..
- ඉස්කෝලෙදි තමන්ට වඩා ලස්සන හින්දා කා අතරත් ඒ ගෑණු ළමයා ගැන කතාවෙන හින්දා කරන්න පුලුවන් නින්දිතම වැඩක් කරපු එකම පන්තියෙ හිටිය පව්කාර යාලුවෙක්..
- තමන්ගෙ අතීත සිදුවීම් හින්දා හරි හැටි නින්දක්වත් ලබන්නෙ නැතුව ජීවත් වෙන වෛද්‍යවරියක්..
මේ කතාව බලාගෙන යද්දි මේ වගේ චරිත අපිට දකින්න පුලුවන් වෙනවා. නරක ඇසුර කියන්න හොද දෙයක් නෙවේ කියලා මේ කතාව බැලුවම තව තව අපිට පැහැදිලි වෙනවා.. ඔප්පු වෙනවා.. ඒ වගේම යුන් ජොං-මින් වගේ පෙම්වතෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනෙ. වැටෙන්න පුලුවන් තැනදි උපරිම හයියෙන් අත අල්ලන් ඉන්න ආදරණීය පෙම්වතෙක්. එයා අන්තිමට පව්කාරයට දෙන දඬුවමත් “Next Level”. 🔥
ප්‍රධාන චරිත රඟදක්වන රංගන ශිල්පීන් ගැන කිව්වොත්,
සුපුරුදු විදිහටම එපාකරපු අපත චරිතයකින් Park Hae Sooව දැක බලාගන්න පුලුවන්. Lee Hee Joon, Kim Sung Kyun, Lee Kwang Soo, Gong Seung Yeon මේ හතර දෙනත් වෙනසක් නෑ.. හොම්බටම තමා අනින්න හිතෙන්නෙ.. ඒ තරම් එයාලගෙ රංගනය අතිවිශිෂ්ටයි. ඒ වගේම Shin Min Ah ත් වෛද්‍යවරියකගේ චරිතයකින් අපිට දැකබලාගන්න පුලුවන්. සහය චරිතයකින් කතාවට රංගන දායකත්වය දෙන Kim Nam Gil ගෙ චරිතයට තමා මම ගොඩක්ම ආස උනේ. ඒ Personality එකත් Superb. කතාවට සබ් කරන්න හිතුවෙත් Nam Gil ඉන්නවා දැකපු පුංචි වීඩියෝ ක්ලිප් එකක් දැකලා. ප්‍රධාන චරිත 06ට වඩා කැපී පෙනුනා කිව්වොත් මං වැරදිත් නෑ.. අවිවාදයක් නෑ නම්-ගිල් කියන්නෙ අති දක්ෂයෙක් කියලා නැවත නැවතත් පසක්වෙනවා.
- වෛද්‍යවරිය ඇයි අතීත සිඳුවීමක් නිසා විඳවන්නෙ? මොකක්ද එයාට වුනේ?
- සල්ලි හින්දා මනුස්සයෙක්ට තමන්ගෙ ළඟම කෙනෙක් මරන්න පුලුවන්ද?
- තමන්ට වඩා ඉස්සරහට යන මිතුරියක් දැක්කම එයාට ඉරිසියා කරන්න පුලුවන්ද?
- ඉස්කෝලෙ යන කෙල්ලෙක්ගෙ ජීවිතේ එහෙම විනාස කරලා දාන්න පුලුවන්ද?
- තණ්හාව කියන්නෙ ඒ තරමට භයානක දෙයක්ද?
වැඩි විස්තර ඕනෙ නෑ.. කතාව බලමු..

















