Dragon Age: Absolution (2022) TV Series | S01 | EP01-03 | Incomplete
Year:2022
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-03 ✅
Episode 04-06 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageමේ කතා මාලාව සිද්ධවෙන්නේ BioWare ලාගේ ‘Dragon Age’ වීඩියෝ ගේම් සීරීස් එක වෙනුවෙන් නිර්මාණය කරපු තේදාස් කියන මනඃකල්පිත ලෝකයේ. කතාව වැඩිපුරම දිවෙන්නේ තේදාස් වල උතුරු දෙසින් පිහිටි ටෙවින්ටර් අධිරාජ්‍යය කියන රාජ්‍යයේ තියෙන “නෙසම්” කියන නගරය ඇතුළෙයි.
ටෙවින්ටර් අධිරාජ්‍යය කියන්නේ අතීතයේදී දකුණු තේදාස් ප්‍රදේශය තමන්ගේ යටතට අරගෙන පාලනය කරපු තැනක්. අධිරාජ්‍යයේ ආකොන් කෙනෙක් ප්‍රමුඛ කරගත්, බලවත් මායාකාරී පාලකයන් (මැජිස්ටර්වරු) පිරිසක් තමයි මේක පාලනය කරන්නේ. වහල්භාවයත් ඇතුළත් දැඩි කුල ක්‍රමයකට වගේම, බිලිපූජා සහ තහනම් ලේ මායාවන් භාවිතා කරන මායාකාරයන්ටත් මේ රාජ්‍යය ප්‍රසිද්ධයි.
කාලරාමුව පැත්තෙන් බැලුවොත්, මේ කතාව සිද්ධවෙන්නේ Dragon Age: Inquisition ගේම් එකේ සිදුවීම්වලට සහ එහි Trespasser DLC එකට මාස කිහිපයකට පස්සේ වගේම Dragon Age: The Veilguard ගේම් එකේ සිදුවීම්වලට අවුරුදු 10කට කලින්.
අද කතාංගයට ආරම්භයක් දුන්නොත්….
මීරියම් කියන එල්ෆ්ව මුණ ගැහෙන්න ඉන්ක්විසිෂන් කියන සංවිධානයේ ඉන්න හීරා සහ ෆෙයාර්බෑන්ක්ස් කියන සාමාජිකයෝ දෙන්නා එනවා. මෙයාලා එන්නේ ගොඩක් විශේෂ මායා වස්තුවක් හොරකම් කරන්න මිරියම්ගේ උදව් ගන්න බලාපොරොත්තුවෙන්. ඉතිං මිරියම් වැඩේට කැමති වෙයිද? හොරකම් කරන්න යන්නේ මොන වගේ දෙයක්ද? වැඩේට තව එකතු වෙන අය කවුද? බලලම දැන ගන්නකෝ.
නරඹන්නන්ගේ අවධානයට,
මේක TV-MA කාණ්ඩයට අයත් වෙන කතා මාලාවක්. ඒ කියන්නේ වයස අවුරුදු 17 ට අඩු අයට නරඹන්න සුදුසු නැහැ. ඊට වැඩි අයට තමයි බලන්න සුදුසු.



















