Season 01
මේකේ තියෙන්නේ තමන්ගේ පවුල මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න ෆ්‍රෑන්ක් කාසල් යන ගමන. හැබැයි ෆ්‍රෑන්ක් හොයාගන්නවා මේක නිකන්ම අපරාධකාරයෝ පිරිසක් කරපු වැඩක් නෙවෙයි, මේක පිටුපස රජයේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඉතින් එයාට උදව්වට මයික්‍රෝ කියලා කෙනෙක් සෙට් වෙනවා. මේ දෙන්නා එකතු වෙලා අර හැංගිලා ඉන්න නරක මිනිස්සුන්ව දඩයම් කරන එක තමයි පළවෙනි සීසන් එකේ තියෙන්නේ.

Season 02
දෙවැනි එකේදී ෆ්‍රෑන්ක් නිකන් ගමනක් යද්දී අමාරුවේ වැටිලා ඉන්න කෙල්ලෙක්ව දකිනවා. ඇයව බේරගන්න ගිහින් ෆ්‍රෑන්ක් ලොකු ප්‍රශ්නයක පැටලෙනවා. මේ අතරේ පළවෙනි සීසන් එකේ හිටපු හතුරෙක් ආයෙත් කරළියට එනවා. ඉතින් ෆ්‍රෑන්ක්ට එක පැත්තකින් අර කෙල්ලව බේරගන්නත්, අනිත් පැත්තෙන් තමන්ගේ පරණ හතුරන්ගෙන් බේරෙන්නත් ලොකු සටනක් දෙන්න වෙනවා.

කතාවේ ඉන්න අය
ෆ්‍රෑන්ක් කියන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෙක්. එයා එක්ක ඉන්න මයික්‍රෝ තමයි කම්පියුටර් වැඩ දන්නේ. බිලී රූසෝ කියන්නේ ෆ්‍රෑන්ක්ගේ යාළුවෙක් වුණත් පස්සේ හතුරෙක් වෙන කෙනෙක්. ඒ වගේම මදානි කියලා පොලිස් නිලධාරිනියකුත් ඉන්නවා මේ දේවල් පස්සේ පන්නන.

වැඩිය විස්තර කිව්වොත් කතාව බලද්දී ගතියක් නැති වෙනවා. ඒ නිසා ඔයාලත් මේ සුපිරි සීරීස් එක බලන්න කියලා මම ආරාධනා කරනවා! අනිවාර්යයෙන්ම බලන්න.

 

“පොහොසත්තු නිතිය සල්ලි වලට අරගෙන උන්ගේ හිතුමනාපෙට නිතිය නමනවා, තමන් නීතියට ඉහලින් ඉන්නව කියල හිතාගෙන ඉන්නව. උන් දන්නව නීති තියෙන්නේ මිනිස්සුන්ව පිළිවෙලක් කරවන්න. ඉතිං උන් හිනාවෙනවා, උන් හැමෝම නීතිය දිහා බලල හිනා වෙනවා, ඒත් උන් මං දිහා බලල හිනාවෙන්නේ නැහැ”
~ පනිෂර් ~

 

 

Season 01 හා 02 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ ​බයිස්කෝප් කණ්ඩායම විසින්.

Comments