Trigger (2025) TV Series | S01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
කතාමාලාවෙ නම තමා Trigger. එතකොට අධ්‍යක්ෂකවරයා වගේම තිර පිටපත් රචකයා වෙන්නෙ Kwon Oh Seung. කතාවට උපසිරැසි කරන්න විශේෂම හේතු දෙකයි එකක් කිම් නම්-ගිල්. අනික ත්‍රිලර්-ඇක්ෂන් ඩ්‍රාමා එකක් වීම. වොන් බිලියන තිහක දැවැන්ත පිරිවැයක් දරමින් නිර්මාණය වු කතාංග දහයකින් සමන්විත ට්‍රිගර් කතා මාලාවේ එක කතාංගයක ධාවන කාලය විනාඩි 50ක්. ඉකුත් ජුලි 25 වෙනිදා Netflix ඔස්සේ නිකුත් කෙරුනු මේ කතාව කලින් කිව්වා වගේම Action, Thriller, Mystery, Crime වර්ගීකරණයන්ට අයත්වෙනවා. ප්‍රචණ්ඩකාරී දර්ශන, වෙඩි තැබීම් සිද්ධි හේතුවෙන් මෙම කතාමාලාව 18+ අන්තර්ගත ශ්‍රේණිගතකිරීමකට අයත්. ප්‍රධාන චරිත විදිහට කිම් නම්-ගිල් සමගින් කිම් යොං-ක්වාං රංගනයෙන් දායක වෙනවා.
කතාව වගේම අන්තර්ගත චරිත ගැන පොඩ්ඩක් දැනගමු එහෙනම්
දකුණු කොරියාවේ තුවක්කුවක් මිලදී ගැනීම, විකිණීම ඒ වගේම සන්තයේ තබා ගැනීම තහනම්.. රට තුළ තුවක්කු සම්බන්ධ අපරාධ නඩු ගොඩක් තියෙන්නෙ අවම මට්ටමක. මේ දේවල් ඉක්මනින් වෙනම මාවතකට හැරෙනවා. නොදන්නා මූලාශ්‍රවලින් නීති විරෝධී තුවක්කු රට තුළට එනවා වගේම වෙඩි තැබීම් සිද්ධිත් වැඩි වෙනවා. කතාව ගලාගෙන යන්නෙ වෙඩි තැබීම් සහ තුවක්කු ජාවාරම් ගැන.
ලී-දෝ කියන්නෙ බොහොම සාමාන්‍ය විදිහට තමන්ගෙ පොලිස් ස්ථානයෙ රාජකාරී කරගෙන යන කෙනෙක්.. කිසිම උසස්වීමක් ලබාගන්නවත් එයා උත්සහ කරන්නෙ නෑ. පොලීසියට බැඳෙන්න කලින් එයා හමුදාවෙ ස්නයිපර් කෙනෙක් විදිහට සේවය කරනවා. එතනදි වෙන සිද්ධියක් නිසා තමයි එයා පොලිස් සේවයට බැදෙන්නෙ. ඔන්න ඔය විදිහට වැඩකරගෙන යනකොට අපරාධ ස්ථානයකින් බුලට් වගයක් හම්බෙනවා. ඒ වගේම නවාතැන්පලක වෙඩි තැබීමක් සිද්ධ වෙනවා. හරියටම කිව්වොත් සමූහ ඝාතනයක්. ලී-දෝ කියන චරිතය වර්ණවත් කරන්නෙ කිම් නම්-ගිල් කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා. මගෙනම් ආසම Artist කෙනෙක්.
මුන්-බෙක් කියන්නෙ අවි තැරැව්කාර ලෝකයේ ප්‍රධාන චරිතයක්. එයා සැහැල්ලු කෙනෙක් විදිහට ලෝකයා ඉස්සරහා පෙනී හිටියත් එයා සෑහෙන්න සූක්ෂම විදිහට තමන්ගෙ ක්‍රියාවන් සැලසුම් කරලා පස්සෙ එයාගෙ සැලැස්ම සාර්ථක කරගන්න කෙනෙක්. මුන්-බෙක් විදිහට මෑතකදි ගංචොරි කියන චරිතයයෙන් රසික ආදරය දිනාගත් කිම් යොං-ක්වාං සිය රංගන දායකත්වය ලබා දෙනවා. ගංචොරිට ආසවුන අයට මෙන්න එයාගෙ තවත් කතාවක්.
වුද මේ ලී-දෝ? හමුදාවෙදි එයාට මොන වගේ සිද්ධියකටද මූණ දෙන්න වුනේ?
කවුද මේ මුන්-බෙක්? මෙයා කොහෙ කෙනෙක්ද? කොහොමද මේ දේවල් කරන්නෙ?
මොකක්ද වුන වෙඩි තැනීම? ඇයි එහෙම කලේ?
තුවක්කු ජාවාරමේ ප්‍රධානියා කවුද? ඇයි එයාට මිනිස්සු මැරෙනවා දකින්න ඕනෙ?
කොරියාවෙ තුවක්කු ළඟ තියාගන්න තහනම් නම් සාමාන්‍ය මිනිස්සුන්ගෙ අතට මේ තුවක්කු ලැබෙන්නෙ කොහොමද?
මෙන්න මේ වගේ ප්‍රශ්න වගේම, ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුලුවන් වෙන්නෙත් මේ කතාව බලලම තමා. කොරියාවෙ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන එහෙම අපි ගොඩක් කතා බලලා තියෙනවනෙ. Trigger ත්‍රිලර්-ඇක්ෂන් ලෝලී අපිට නම් වෙනස්ම කතාවක් වෙයි.
“මේ කාරණාව විතරක් මතක තියාගන්න
පැමිණිලිකරුවන්ට වින්දිතයන්ට විතරක් හදවතින්ම සලකන්න
අපරාධකාරයොන්ට නීතියෙන් සළකන්න”
එහෙනම් මේ කතාව රස විඳිමු.
















