කතාව ගැන කෙටියෙන්

”විනාශයේ සුරදූතයා ඔබේ සේවයට”  නමත් ගොඩක් වෙනස් නේද ලමයි, මම හිතනවා මේක වෙනස්ම විදියේ කතාවක් වෙයි කියලා.ඉතින් කතාව පැත්තට හැරමුකො…

තක් ඩොං කියුං තමන්ගෙ දෙමව්පියන් අභාවප්‍රාප්ත වුන දවසෙ ඉදලා, තමන්ගෙ මල්ලිවත් බලාගෙන ජිවත් වුන, වසර 06ක් තිස්සෙ වෙබ් නවකතා සංස්කාරකවරියක්, මුලින්ම කතාව පටන් ගන්නකොටම ඇයට මොළයේ පිළිකාවක් තියනවා, ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනක් බවත් ඇය දැනගන්නවා. ඒ වගේම ඒ අවසානවාන්ත කතාව ඇහුව දවසේම ඇගේ පෙම්වතා කසාද බැදපු කෙනෙක් බවත්, ඔහුගේ බිරිදට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලත් ඇයට දැනගන්න ලැබෙනවා.

එදාම ඇය තමන්ගෙ ලොක්කාගෙන් පවා බැනුම් අහනවා, අද සිද්ද වුන දෙවල් නිසා ඇය බිලා මහ රෑ ගෙදර බැල්කනියට වෙලා ඉන්නකොට තරුවක් කඩන් වැටෙනවා දකිනවා. මේක දකින අපේ තක් ඩොං කියුං හයියෙන් කෑගහල ප්‍රාර්ථනාවක් කරනවා ” මට අවශ්‍යයි මේ ලෝකය අවසන් වෙන්න! මට ඕනේ හැම දෙයක්ම විනාශ වෙන්න! මේ ලෝකයට විනාශය ගෙන්න! ” කියලා.

ඉතින් මේ ප්‍රර්ථනාව නොදැනුවත්වම මිනිසුන් සහ දෙවිවරුන් අතර පණිවිඩකරුවෙක් වෙන මයුල් මාංට ඇහෙනවා… ඔහු තමයි විනාශයේ සුරදුතයා, ඔහු උපත ලැබුවේ අඳුර සහ ආලෝකය අතරයි, ඔහු හුස්ම ගන්නකොට රටවල් අතුරුදහන් වෙනවා. ඔහු ඇවිදිනකොට සෘතු විනාශ වෙනවා. ඔහු හිනාවෙනකොට ජීවිතයක් නැති වෙනවා, ඔහුට කරන්න තියෙන්නෙ විනාශ කරන එක විතරයි, එක ඔහුගේ අභිප්‍රාය නෙවෙයි, එක ඔහුගේ ඉරණම

ඔහුගේ උපන්දිනය දවසේ ඔහුට මිනිසෙක්ගෙ ප්‍රර්ථනාවක් ඉශ්ඨ කරන්න වෙනවා… තමන්ගේ ඉරණම ගැන එපා වෙලා ඉන්න ඔහුට ලෝකය අවසන් කරන්න කියලා ඇහෙන ඩොං කියුංගේ ප්‍රර්ථනාව ඇහෙනවා. ඔහු එක ඉශ්ඨ කරන්න තොරගන්නවා, ඉතින් ඔහු ඇයව හොයාගෙන ඇවිත් ඇගේ ප්‍රර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් බවත්, ඒ වෙනුවට ඇයට කැමති විදියට වේදනාවක් නැතුව දවස් 100ක් ජිවත් වෙන්න පුලුවන් කියලත් කියනවා, ඉතින් මේක නිසා ඩොං කියුං මයුල් මාං එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා…

තවත් කතාව කිව්වොත් එකේ අගයක් නැහැනේ, ඉතින් අපි කතාව බලලාම ඉමුකො ලමයි…

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ චතුනිකා මංචනායක විසින්.

Comments

April 26, 2026

🥹🥹tnqqq
Still shining dennkooo