ඉයන් රිඩ්ලි (Ian Ridley) කියන්නේ පෝර්ට් මැකෙනා (Port McKenna) කියන නිහඬ වෙරළබඩ නගරයේ හදිසි ඇමතුම් මධ්‍යස්ථානයක (Emergency Dispatcher) සේවය කරන පුද්ගලයෙක්. කලින් පොලිස් පරීක්ෂකයෙක් ලෙස සේවය කළ ඔහු, මීට වසර 11කට පෙර සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් පසුව දැඩි ලෙස මත්පැන් වලට ඇබ්බැහි වෙනවා. ඒ සිදුවීම තමයි ඔහුගේ අවුරුදු 3ක් වයසැති ආදරණීය දියණිය මැගී (Maggie) අතුරුදහන් වීම!
දියණියගේ අතුරුදහන් වීමත් සමඟ බිඳවැටුණු ඉයන්ගේ පවුල් ජීවිතයත්, පොලිස් රක්ෂාවත් අහිමි වන අතර, වසර ගණනාවකට පසු නැවතත් සන්සුන්ව සිය ජීවිතය ගොඩනගා ගැනීමට ඔහු උත්සාහ කරනවා.

නමුත් දිනක් නගරයට කඩාදැමූ දැඩි කුණාටුවක් නිසා වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයකින් පොළොව යට සැඟවුණු කුඩා දරුවෙකුගේ අස්ථි අවශේෂ කිහිපයක් හමුවෙනවා. මේ අස්ථි කොටස් හමුවීමත් සමඟම, ඒ අවුරුදු 11කට පෙර අතුරුදහන් වූ තම දියණිය මැගීගේ විය හැකිදැයි ඉයන් තුළ දැඩි සැකයක් සහ බියක් ඇති වෙනවා.

අලුතින් පරීක්ෂණ ආරම්භ කරන ඊසබෙල් පේනා (Isabel Peña) නමැති පොලිස් පරීක්ෂකවරිය ඉයන්ව මේ පරීක්ෂණවලින් ඈත් කර තැබීමට උත්සාහ කළත්, ඉයන්ට තම දියණියගේ අතුරුදහන් වීමේ අබූත රහස වෙනුවෙන් නිකම්ම බලා සිටින්න බැහැ. ඔහු නැවතත් තනිවම මේ ගැන සෙවීමට පටන් ගන්නවා.
අස්ථි කොටස් ඇත්තටම මැගීගේද, නැත්නම් මැගී තවමත් ජීවතුන් අතරද, වසර 11ක් පුරා සැඟවී තිබූ අඳුරු රහස කුමක්ද?
ත්‍රිලර්හලය පිරි කතා මාලාවලට කැමති ඔබ සැමටම එක හුස්මට නරඹන්න පුළුවන් විශිෂ්ට ආරම්භයක් මේ පළමු කොටසින් ලබා දෙනවා.

 

 

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ යොහාන් සම්පත් විසින්.

Comments

October 11, 2026

very beautiful story and tnx for subbtitle