Muthassi (2026) TV Series | S01 | Complete
Year:2026
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page🎬 පැරණි මිත්‍යා කතා තවමත් ජීවමානව පවතින ගම්මානයක, තමන්ගේ පරම්පරාවේ ලේ වලම සැඟවුණු භයානක යක්ෂයෙක් ගැන මවකට දැනගන්න ලැබෙනවා. ඔයාගේම ගෙදර ඇතුළේ හැංගිලා ඉන්න ශාපයක් කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලා පෙන්නන්න cinesubz ගෙනෙන අලුත්ම මලයාලම් කතා මාලාව MUTHASSI දැන් ඇවිල්ලා!
Muthassi (2026) | Malayalam | Horror/Mystery/Drama (Web Series) |
ලීලාගේ ජීවිතය හරිම සාමකාමී එකක්. හැබැයි ඒ ඇගේ සැමියා වන රාජන් කේරළ-කර්ණාටක මායිමේ තියෙන ඔවුන්ගේ පැරණි ගමට ආපහු එනකල් විතරයි. ඔවුන්ගේ කුඩා පුතා ‘ශ්‍රීකුට්ටන්’ කිසිම දෙමව්පියෙක් දකින්න අකමැති විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. අමුතු වගේම බියකරු සිදුවීම් ගොඩක් එක්ක, ලීලාට ඇඟ කිලිපොළා යන ඇත්තක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි ඇගේ පවුල පරම්පරා ගාණක් තිස්සේ එන පැරණි යක්ෂ ශාපයකට බැඳිලා කියන එක. දැන් ඇයට ඒ මතකයන්ටත් වඩා පැරණි ශාපයත් එක්ක තමන්ගේ දරුවා වෙනුවෙන් සටන් කරන්න සිද්ධ වෙනවා.
Muthassi කතා මාලාව මේ වෙද්දිත් ලොකු කතාබහකට ලක්වෙලා තියෙන්නේ, ඒක නිකම්ම බය කරන කතාවක් නෙවෙයි, සැබෑ හැඟීම් එක්ක බැඳුණු කතාවක් නිසයි. මේකෙදි බිය කියන දේ පාවිච්චි කරලා තියෙන්නේ ආදරය, වරදකාරී හැඟීම සහ මතකයන් ගැන කතා කරන්නයි. ඒ වගේම මේ කතාවේ තියෙන සංස්කෘතික පසුබිම නිසා මෑතකදී ආපු අනිත් මලයාලම් හොරර් කතාවලට වඩා මේක ගොඩක් වෙනස්. මේකේ තියෙන පවුලේ කතාව (family-drama) නිසා, සාමාන්‍යයෙන් හොරර් කතා බලන්න අකමැති කෙනෙක්ට වුණත් මේක ආසාවෙන් බලන්න පුළුවන්.
එහෙනම් දැන්ම facebook page cinesubz පැත්තට එන්න. ලංකාවේ වේගවත්ම සහ විශ්වාසවන්තම සබ් අප්ඩේට්ස් දැනගන්න අපිව ෆලෝ කරන්න!



















